Spread Kindness Through Your Donations

අසිරිමත් සමණගිර මහ වෙහෙර

ගලගෙදර සමණගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන මහා සෑයත් භාවනා ශාලාවත් ඉහත ඡායාරූපය මගින් ඔබට දැක ගත හැක. සැදැහැවතුන් උදෙසා උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා රහත් ධාතූන් වහන්සේලා දැක බලා වන්දනා කරගැනීමේ පහසුකම් සහිත රමණීය සෑ රඳුන් සහ ආමිෂයෙන් මෙන්ම ප්‍රතිපත්තියෙන් පුදනා සෑයක් ලෙසින් හස්ති ගර්භාන්තරයේ පිහිටි භාවනා ශාලාවත්, මෙම විහාර කර්මාන්තයට අයත් වේ.

දිව්‍යමය රන්වන් හස්ති රාජයා පිට වැඩ සිටින සධාතුක මහා කරඬුවක් සේ බබළන සුන්දර සුගන්ධ කුටිය සහිත උතුම් සෑ රජාණන් වහන්සේ ගලගෙදර පර්වත මස්තකයක ඉදිවීමෙන් පසු, ගලගෙදර අධිවේගී මාර්ගය භාවිත කර සෙන්කඩකලට ප්‍රවිෂ්ට වන සැමගේ කුසල සිතුවිලි ජනිත කරවමින් දැක ගැනීමට ලැබෙන අභිමානවත් නිර්මාණයක් බවට පත් වේ. මහනුවරට අනන්‍ය වූ සංකේතයක් ලෙස මෙම අපූරු මහා සෑය ලෝකයේ කිසිදා නොදුටු අසිරිමත් නිර්මාණයක් වේ.

චමත්කාර චිත්‍රයක් සේ මනහර කඳු යායන් පසුබිමක් මතින් මෙම සෑය දෙස් විදෙස් සංචාරකයින් සඳහා දස්ස්නානුත්තරීය පින්බර ගමනාන්තයකි.

Temple Image

සෑය ඉදිකිරීමේ අරමුදල

සෑය ඉදිකිරීමේ දානය ඉතා විශේෂයි. දුප්පත්–පොහොසත් භේදයකින් තොරව සෑම අයෙකුගෙන්ම සමාන දායකත්වයක් ලබාගැනීම යැයි පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ උපදෙස් දී ඇත. ඒ අනුව මාසිකව රු. 300ක් හෝ USD 1ක් වැනි සුළු මුදලකින් මේ අතිසෙව්‍ය මහා පුණ්‍ය කර්මයට දායක විය හැක.

“මටත් මෙම මහා සෑ අරමුදලේ සාමාජිකත්වය ලබාගැනීමට අවශ්‍යයි” යන උතුම් සිතක් ඇති සියලු දෙනා සමණගිර සංවර්ධන කමිටුවේ ලියාපදිංචි සාමාජිකත්වය ලබාගත හැක. ඔබ කැමති ආකාරයෙන්:

ඔබේ පළමු දායකත්ව මුදල පහත ගිණුමට බැර කර රිසිට්පත WhatsApp කරන්න: +94 787 345 345

Account Details

Account Number: 0019 6000 1000
Name: Samanagira Sanwardhana Kamituwa
Bank: Sampath Bank
Branch: Piliyandala

Support Temples

Maintain temples, fund repairs and sustain spiritual centers.

Offer Dana

Provide food, robes, and essentials to monks and devotees.

Community Aid

Support education, healthcare and family welfare programs.

Secure Donations

PCI-ready payments, automated receipts & donor management.